Quantcast
Channel: Budhajeewa's Blog »ශ්‍රී ලංකා
Viewing all articles
Browse latest Browse all 3

සරත් ෆොන්සේකා – රනිල්ගේ ඉත්තෙකු ලෙසින්!

$
0
0

සහෘද බ්ලොග්කරුවෙකුගේ බ්ලොගයක් වන “ජයශ්‍රීගේ සටහන්” හි ලියා තිබූ “අපිට ජෙනරාල් විශ්වාස කල හැකිද?” නම් ලිපියට මා විසින් සැපයූ අදහස තවත් ලිපියක් මෙන් දිගු එකක් වුනා. එය වැදගත් යැයි හැඟුනු නිසා මගේ බ්ලොගයේත් සටහන් කළා.

***

Share

මහින්ද රාජපක්‍ෂ යනු මේ රටට ලැබිය හැකි හොඳම ජනාධිපතිවරයා නොවිය හැකිය. නමුත්, මේවන විට දේශපාලන ක්‍ෂේත්‍රයේ සිටින්නන් අතරින් ජනාධිපතිධූරයක් දැරිය හැකි එකම තැනැත්තා වශයෙන් දැක්විය හැක්කේ ඔහු පමණී. අඩු තරමින් ඔහුගේම පක්‍ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ඔහුට තරගයක් දිය හැකි දෙවැනිපෙළ නායකයෙකු සිටීද?

සරත් ෆොන්සේකා නරක නැත, හොඳය, රනිල් වික්‍රමසිංහට වඩා දේශපාලනයටද හොඳ වනු ඇත. නමුත් සරත් ෆොන්සේකා ජනාධිපතිධූරයට ගැළපේ නම්, සනත් ජයසූරිය පාපන්දු කණ්ඩායමේ නායකත්වයටද ගැළපේ.

සරත් ෆොන්සේකා නම් රණවිරුවා දේශපාලනයට ඉතා සුදුසු යැයි මොහොතකට උපකල්පනය කරමු – එසේ නොවේ කීමටද එසේ වේ කීමටද තවම නොහැක – ඔහුගේ ලොකුම අවාසනාව නම් ව්‍යාජ විපක්‍ෂයේ පොදු සන්ධානයක් වෙනුවෙන් තරග කොට රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒමේ කුමන්ත්‍රණයක ඉත්තා වශයෙන් කටයතු කිරීමට සිදු වීමයි.

සරත් ෆොන්සේකාට තිබුනේ එක්වරම ජනපතිවරණයට ඉදිරිපත් වීම නොව රනිල් වික්‍රමසිංහ සහ සමාගම අධිපති නොවන දේශපාලන පක්‍ෂයකින් ජාතික දේශපාලනයට පිවිසමයි. එවිට, ඇතැම්විට, මහින්ද රාජපක්‍ෂගෙන් පසු ජනපති වීමට තරම් වුවද ස්‍වකීය දේශපාලන හැකියාව මුවහත් කොට ගැනීමටද ස්‍වකීය දේශපාලන ශිල්ප දක්වා මහජන ප්‍රසාදය ලබා ගැනීමටද ඔහට හැකියාව තිබිනි.

ඇත්තෙන්ම මෙහිදී රනිල් වික්‍රමසිංහ යනු ඉතා සටකපට පුද්ගලයෙකි. ඔහු එල්ල කොට ඇත්තේ ඩබල් ඇටෑක් එකකි. සරත් ෆොන්සේකා දිනුවද පැරදුනද රනිල් දිනුම්ය. ඒ කෙසේදයත්;

යම් හෙයකින් සරත් ෆොන්සේකා ජයග්‍රහණය කළොත් – සහ ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළොත් – යම් කාලසීමාවත් තුල විධායක ජනපතිධූරය අහෝසි කොට විධායක අගමැති ධූරයක් තැනෙයි. එවිට මීළඟ මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කොට අගමැති වීමට උත්සාහ කරන රනිල් වික්‍රමසිංහට විධායක බලතල අතට ගත හැකි වනු ඇත. 2001දී චන්‍දිකාට තිබුනු බලය තරම් හෝ බලයක් සරත් ෆොන්සේකාට හිමි නොවනු ඇත.

යම් හෙයකින් සරත් ෆොන්සේකා පරාජය වුවහොත් අනාගතයේදී තමන්ට තර්ජනයක් වීමට ඉඩ තිබූ අයෙකු මුල් කාලයේදීම අඩපණ කොට දැමීමට රනිල් වික්‍රමසිංහට හැකිවේ.

The post සරත් ෆොන්සේකා – රනිල්ගේ ඉත්තෙකු ලෙසින්! appeared first on Budhajeewa's Blog.


Viewing all articles
Browse latest Browse all 3

Trending Articles